සංචාරක හොටෙල් අයිතිකරුවන් ගසාකන අලුත්ම විදිය.


ඔබ සංචාරක හෝටලක් පවතවාගෙන යන්නෙක් හෝ අලුතින් අරම්බ් කරන්නෙක් නම් ඔබ ලඟට ෆ්‍රී සොෆ්ට්වරේ දෙන වෙලදුන්ගෙන් පරිස්සම් වෙන්න. හොටෙල් අයිති කරුවෙකුට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි. මිලියන ගණනක් වියදම් කරලා හොටෙල් එක හැදුවට පස්සේ කාමර ටික විකුනන්නේ කොහොමද කියන එක සහ හරිට කලමනාකරනය  කරගෙනනේ කොහොමද කියන එක.

එතෙකොට තමයි software එකක අවශ්‍යතාවය මතුවෙන්නේ. සාමාන්‍යයෙන් හරිට වැඩ කරන software එකක් ටිකක් ගණන්. මේ සොෆ්ට්වරේ එකට චනෙල් මැනේජර් කියන කොටසත් දැන් අනිවාර්ය අංගයක් වෙලා.   

මෙන්න වෙලාවට තමයි කපටි වෙළෙන්දෝ හොටෙල් අයිති කරුවන් සහ මැනේජර් අමාරුවේ දාන්නේ. ඔවුන් ඇවිල්ල කියනවා අපි ළග තියෙන software සහ channel manager එක website 100  වැඩිය ලින්ක කරලා තියෙන්නේ. අපි ඔයාලට එක නිකන් දෙනවා computer එකත් එක්ක. හැබැයි අපිට හැම booking එකකින්ම commission එකක් ඕන කියල.

බැලු බැල්මට මේ ගනුදෙනුව හොටෙල් අයිති කරුට ලබයි, මැනේජර්ට පහසුයි පැනපු ගමන් බදා ගන්නවා. එත් මේ දෙගොල්ල දන්නේ නෑ තමන් මහන්සියෙන් හදාපු, ව්‍යාපාරයේ වෙලදාම් වගකීම තමන් නොදත්  වෙනත් කෙනෙකුගේ අතට ගියබව.

හොටෙල් අයිති කරු සහ මැනේජර් හිතන්නේ චන්නෙල් මැනේජර් එකක් ගත්තම කාමර වෙලදාම් වැඩිවෙනවා කියල මොකද කපටි වෙළෙන්ඳ එහෙම තමා කියන්නේ . එක අමුලික බොරුවක් එකෙන් වෙන්නේ room ටික over book වෙන්නේ නැතිව තියාගන්නේ වැඩේ පහසු කරලදෙන එක.

මෙහෙම නිකන් දෙන software එක ගත්ත කියල හිතමු දැන් මේක වැඩ කරන්න දන්නේ විකුනපු agent සමහර වෙලාවට හරියටම දන්නෙත් නැ, මුල දවස් වල පොඩ්ඩක් ඕනෑකමින් කරනවා පස්සේ ටිකටික මගාරිනවා. මොකද එක හොටේල්  අල්ලාගෙන ඉඳල මදි නිසා,  agent මහන්සි වෙන්නේ තවත හෝටල් එකතු කරගන්න.  එතකොට reservation වැඩේ හරියට වෙන්නේ නැතුව යනවා හොටෙල් අයිති කරු හෝ මැනේජර් නොදැනම business අඩුවෙනවා. ව

වැඩේ දරුණු වෙන්නේ   මේ agent ල හිටි ගමන් JOB එක දාල ගියහම, කිසිම දෙයක් කරගන්න බැරුව යනවා, සමහර වෙලාවට  booking.com වගේ site වල user name සහ password පවා නෑ, සමහර අවස්ථාවල නමත් වෙනස් වෙලා. මේ වගේ වෙලාවට හොටෙල් අයිති කරු ලොකු අමාරුවක වැටෙනවා.

Peak Season එකේදී ලංකාවට සංචාරකයෝ වැඩිපුරම එන්නේ   booking.com වගේ site හරහා මේ දවස් වලට කාමර පුරෝ ගන්න එක හරි ලෙහෙසියි. අමාරු වැඩේ Off Season එකට කාමර පුරවන එක. ඒක කරන්න channel manager එකට බෑ මොකද ලංකාවට සංචාරකයෝ එන්නේ කාලෙකට නිසා 

මෙ සරල සිදන්තය දන්නේ නැතුව වැඩ කරලා තමන්ගේ ලාබෙ කපටින්ට දෙනවා. හොඳම වැඩේ තමා හෝටල් reservation ටීම් එකට software එකයි channel manager එකයි අරන් දෙන එක වගකීම් reservation ටීම් එකට පවරන එක

හොටෙල් අයිති කරුවන් සහ මැනේජර් වරු සමහර වෙලාවට Hotel Management Software එකක් සහ Channel Manager එක කියන එක පටලවා ගන්නවා. Channel Manager එක කියන්නේ   Hotel Management Software එකේ එක අංගයක් විතරයි

Comments

Popular posts from this blog

වෙබ් අඩවියකට නමක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු How to choose a good Domain Name

Most of the websites are outdated